දේශීය

අද විදුලිය කපන හැටි මෙන්න

(UTV | කොළඹ) – කොළඹ සෙසු ප්‍රදේශ සඳහා අද (06) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබේ.

ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම කොමිසම සඳහන් කළේය.

A,B,C,D,E,F යන කලාප සඳහා පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04 ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 07.30 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

G,H,I,J,K,L යන කලාප සඳහා පස්වරු 01.00 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ රාත්‍රි 07.30 සිට රාත්‍රී 10.00 දක්වා පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරුණු ඇත.

මේ අතර කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 03යි විනාඩි 30ක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම පැවසුවේය.

Related posts

කොඳු ඇට පෙළ ඇදවන රෝගී තත්ත්වයක් පිළිබඳ ජනතාව දැනුවත් කෙරේ.

Editor O

නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

Leave a Comment