දේශීය

පාසල් වේලාව පැයකින් දීර්ඝ වේ

(UTV | කොළඹ) – ලබන වාරයේ සිට පාසල් වේලාව පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීම අප්‍රේල් 18 වනදා සිට ක්‍රියාත්මකයි.

මෙම වසරට ( 2022) අදාළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 139ක් වැනි සීමිත කාලයක් පැවතීම මෙම තීරණයට හේතු වී තිබෙන අතර වේලාව පැයකින් දීර්ඝ කිරීම නිසා දින විස්සක පමණ අමතර ඉගැන්වීම් කාලයක් ලබා ගැනීමට හැකි වන බව අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

වේලාව දීර්ඝ කිරීමෙන් පසුවත් විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකි වන්නේ නම් තෙවැනි වාරයේ දී සෙනසුරාදාවන්හි පාසල් පැවත්වීම කෙරෙහි ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා.

Related posts

ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment