දේශීය

කබ්රාල් මුදල් කාරක සභාව හමුවට

(UTV | කොළඹ) – මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙලෙස කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට පසුගිය 24 වැනිදා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මීට පෙර ප්‍රකාශ කළා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් පසුගිය 24 වැනිදා එහි කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගිවීමට නොහැකි බව දන්වා මහ බැංකුව විසින් ලිපියක් යොමුකර තිබුණා

Related posts

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

Editor O

සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී ඉඩක් නැහැ – ජනාධිපති අනුර දිසානායක

Editor O

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment