දේශීය

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ අනුව, ඒ සිට එෆ් දක්වා කාණ්ඩවලට අලුයම 4.00 සිට පෙරවරු 6.00 අතර පැය 2 ක්, පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, ජී සිට එල් දක්වා කාණ්ඩවලට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

පී සිට එස් දක්වා කාණ්ඩවලට අලුයම 04 සිට පෙරවරු 06 දක්වා පැය 02 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ටී සිට ඩබ්ලිව් දක්වා පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් දක්වා කලාපවලට අලුයම 05 යි 30 සිට පෙරවරු 09 දක්වා පැය 03 යි විනාඩි 30 ක් සහ පස්වරු 04 සිට පස්වරු 06 දක්වා පැය 02 ක් ලෙස විදුලිය කපා හැරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළා.

Related posts

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම ගැන සජිත් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

Leave a Comment