දේශීය

‘ඖෂධ මිල වැඩි කරන්න’ – ඖෂධ ආනයනකරුවෝ ඉල්ලයි

(UTV | කොළඹ) – ඖෂධ මිල තවත් 20%කින් වැඩි කරන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය ඖෂධ නිෂ්පාදනය, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට ඊයේ (28) දැනුම් දී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 දක්වා ඉහළ යාම හේතුවෙන් ඖෂධ මිල ඉහළ දැමිය යුතු බව ඖෂධ ආනයනකරුවෝ පවසති. මිල ඉහළ නොදමන්නේ නම් මිල පාලනය ඉවත් කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති. දැනට ඖෂධ වර්ග හැටක් මිල පාලනයකට යටත් කර ඇත.

මීට දෙසතියකට පෙර ඖෂධ මිල 29% කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන්නේය. ඒ අනුව රුපියල් 1.59 පැවැති පැරසිටමෝල් පෙත්ත රුපියල් 3 දක්වා වැඩි විය. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (30) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව ඖෂධ සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

Leave a Comment