දේශීය

“ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය දෙනවා”  

(UTV | කොළඹ) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

කොළඹදී පැවති එම හමුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවය.

අසල්වැසියන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ඉන්දීය ප්‍රතිපත්තිය යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය පළකරන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා එහි සඳහන් කර තිබේ.

මේ අතර ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ද නියමිතය.

Related posts

සඳුදා සිට දුම්රිය ගමන් වාර වැඩි කෙරේ

Mohamed Dilsad

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment