දේශීය

ගෑස් 3,600 ක් රැගත් නෞකාවක් මෙරටට

(UTV | කොළඹ) – ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති, තේෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවය.

මේ මස අවසන් වීමට පෙර ගෑස් සිලින්ඩර් මිලියනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු සැලසුම් කර තිබේ.

දැනට පවතින ගෑස් පෝලිම් අවසන් වීමට තවත් සතියක් පමණ ගතවනු ඇතැයි තේෂාර ජයසිංහ මහතා සඳහන් කළේ ය.

මේ අතර ගෑස් ටොන් 2,000ක තොගයක් මේ වනවිට හම්බන්තොට වරාය තුළ පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කරයි.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා සඳහන් කළේ, ඉන් දිනකට ගෑස් සිලින්ඩර් 4000ත් 5000 ත් අතර තොගයක් වෙළෙඳපොළට නිකුත් කරන බවය.

ඉන් වැඩි ප්‍රමාණයක් රෝහල් , කර්මාන්ත ශාලා සහ ආපනශාලා වෙත බෙදාහැරීමට ප්‍රමුඛතාව ලබාදෙන බව ද එම මහතා සඳහන් කළේ ය.

වෑගපිටිය මහතා සඳහන් කළේ, ණයවර ලිපි සඳහා අවශ්‍ය ගෙවීම් සිදුකළ පසු සති දෙකක් ඇතුළත දෛනිකව ගෑස් සිලින්ඩර් 45,000ත් 50,000ත් අතර ප්‍රමාණයක් වෙළෙඳපොළට යළි නිකුත් කළ හැකි බවය.

Related posts

ඡන්දය දා සහ පසුදා සුරාසැල් වහනවා.

Editor O

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

කොල්ලුපිටියේදී සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත් කිරීම තවත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment