විදෙස්

රුසියානු හමුදාව යුක්රේන අගනුවරට ලංවෙයි

(UTV |  යුක්රේනය) – රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරනු ලැබීමේ මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කයක් වූ යුක්‍රේන අගනුවර වෙත රුසියානු හමුදා සමීප වී තිබෙනවා. ඒ, යුක්‍රේන ආක්‍රමණයෙන් දින 16 ක තරම් සැලකිය යුතු කාලයකින් අනතුරුවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව රුසියානු හමුදා දැන් සිටින්නේ “කිව්’‘ අගනුවරට කිලෝමීටර් 05 ක් තරම් ආසන්න දුරකින්. නවතම චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 64 කටත් වඩා දිග රුසියානු සන්නද්ධ හමුදා රථ පෙළක් ස්ථානගතව ඇති බවයි.

රුසියානු හමුදා පළමු වරට යුක්‍රේනයේ ප්‍රධාන නගර දෙකක් වන “නීප්‍රෝ” සහ “ලස්ට්ස්ක්” යන නගරවලට ප්‍රහාර එල්ලකරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය භාවිත කරමින් ලක්ෂ ගණනක පිරිසක් මේ වන විටත් යුක්‍රේනය අතහැර ගොස් තිබෙනවා.

Related posts

පාසල් සිසුවෙකුට කොරෝනා වැළඳීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසෙයි

Mohamed Dilsad

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

දිවුරුම් දී පළමු දින 100 තුළ කොවිඞ් එන්නත් මිලියන 100 ක්

Mohamed Dilsad

Leave a Comment