දේශීය

ජනපතිගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවක්

(UTV | කොළඹ) – මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළේ, කැබිනට් තීරණ දැනුම් දෙමිනි.

ඒ අනුව, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථික ප්‍රතිව්‍යූහගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශිය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථිකය කළමනාකරණය කිරීම මෙම ආර්ථික සභාව රැස්වීමේ අරමුණයි.

එම සභාවේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව අදාළ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සභාවේ රැස්වීම් සඳහා අවශ්‍ය පරිදි එක් එක් ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විද්වතුන් කැඳවීමටත් ජනාධිපතිවරයා විසින් ගනු ලැබීමට අපේක්ෂිත පියවරයන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල එකඟතාව ලබා දීමට තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථික සභාවේ සංයුතිය පහත පරිදි වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (සභාපති), අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර

Related posts

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම ජනවාරි 18 ඇරඹෙයි

Mohamed Dilsad

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට සජබය හරස් වෙයි

Mohamed Dilsad

Leave a Comment