දේශීය

අද විදුලිය කප්පාදු කාලසටහන මෙන්න

(UTV | කොළඹ) – අද (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව උදේ කාලයේ පැය 5ක් හා පස්වරුවේ පැය 2.30ක් වශයෙන් E සහ F යන කලාපවලට විදුලිය කප්පාදු කෙරේ.

මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට උදෑසන 9 සිට රාත්‍රි 9 දක්වා වු කාලය තුළ පැය 3ක විදුලි කප්පාදුක් සිදුකරන බව ද එම කොමිසම සඳහන් කළේය.

ඉහත කලාපය 8 සඳහා උදෑසන කාලයේ පැය දෙකක් හා පස්වරුවේ පැයක කාලයක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

Related posts

කොළඹ මහජන පුස්තකාලය අද යළි ඇරේ

Mohamed Dilsad

මහින්දානන්දගේ අමාත්‍යාංශයට තවත් ආයතන කිහිපයක් එකතු වෙයි

Mohamed Dilsad

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළ‍ඳා මාලිගාවට.

Editor O

Leave a Comment