ගොසිප්

ලබන සතියෙත් විිදුලිය කපනවා..- PUCSL

(UTV | කොළඹ) – එළඹෙන සදුදා දිනයෙන් පසුව විදුලි කප්පාදු කරන කාල සීමාව අඩුකර ගැනීමට හෝ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසන් සභාව සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ මේ දිනවල පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදු වන්නේ තාප බලාගාර වලට අවශ්‍ය ඉන්ධන නොමැති වීමට නිසා බවයි.

කෙසේ වෙතත් මේ වනවිට එම ඉන්ධන ලබා දීම සඳහා ජනාධිපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ඉදිරි දෙක තුන ඇතුළත විදුලි කප්පාදුව අවම වීමක් හෝ කළමනාකරණය කර ගැනීමක් කිරීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද පසුගිය කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබුනේ මෙම සෙනසුරාදායින් පසු විදුලි කප්පාදුව අවසන් වන බවයි.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ද විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සෙනසුරාද විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

කොරෝනා ඖෂධ පැණිය පානය කළ පුද්ගලයෙකුත් ලෙඩ වෙයි

Mohamed Dilsad

ලැප්ටොප් බෑගය බාර නොදීී, විශ්‍රාම ගිය උසස් නිලධාරියාගේ වැටුපෙන් රු. 10000ක් කපයි.

Editor O

Leave a Comment