විදෙස්

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

(UTV | රුසියාව) – රුසියාවට එරෙහිව මේ වන විට ලොව රටවල් රැසක් සම්බාධක පනවමින් සිටී.

ඒ අනුව එක්සත් රාජධානිය රුසියානු නාවුක යාත්‍රාවන්ට සිය වරාය වෙත පැමිණීම තහනම් කර ඇත.

එම තීරණය ඊයේ (28) දිනයේ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කැනඩාව රුසියාවෙන් ආනයනය කරන සියලු බොරතෙල් නවතා දැමීමට ද තීරණය කර තිබේ.
කැනඩාව වාර්ෂිකව රුසියාවෙන් මිලදී ගන්නා බොරතෙල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550කි.

ඉදිරියේදී රුසියාව දැඩි ආර්ථික අවදානමක තිබෙන බැවින්, රුසියානුවන්ට මුදල් විදේශගත කිරීම තහනම් කිරීමට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ඊයේ (28) නියෝග කර තිබේ.

Related posts

මෙක්සිකෝ නගරාධිපතිවරකුට සිදුවූ අකරතැබ්බිය [VIDEO]

Mohamed Dilsad

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

Mohamed Dilsad

ගිනි කෙලි අනතුරකින් 39ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment