දේශීය

එන්නත් 02 ම ඇති ලාංකිකයන්ට UAE යාමේදී PCR අවශ්‍ය නෑ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන , සම්පූර්ණ එන්නත්කරණය වූ ගුවන් මගීන්ට , පිටත්වීමට පෙර ලබා ගත යුතු පී.සී.ආර්.පරීක්ෂණ එළඹෙන මාර්තු මස 01 දින සිට අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේය .

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ 07 ක් පිහිටා තිබේ .

එහෙත් මෙම ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත් , එම ගුවන් මගීන් , තමා පිටත්ව යාමට පැය 48 කට , එනම් දින 02 කට පෙර , කොරෝනා මර්දන දෙවන එන්නත ලබා ගෙන තිබිය යුතු බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය .

Related posts

අයහපත් කාලගුණයට 20ක් බිලි

Mohamed Dilsad

කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

බැංකු පොලීය මත අය කරන, රඳවා තබා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා ඉහළ දමන බව ජනාධිපති කියයි.

Editor O

Leave a Comment