දේශීය

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට දැනට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මේ බව කියා සිටියේ, ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයට ප්‍රතිචාර දක්වමින්.

ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ නංවනු ලැබුවා.

අයි.ඕ.සී. සමාගමේ සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 15කින් ඉහළ යන අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 139ක්.

අයි.ඕ.සී. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක් වනු ඇති.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 233ක්.

ලංකා අයි.ඕ.සී. සමාගම පසුගිය 6 වන දා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

Related posts

ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක්

Mohamed Dilsad

ඉදිරි සති කිහිපය පිලිබඳ යාපනයේ ජනතාවට අවවාදයක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් අද පිට වේ

Mohamed Dilsad

Leave a Comment