දේශීය

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස්

(UTV | කොළඹ) – යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස් ලබා දෙයි

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24×7) මුළුල්ලේ ක්‍රියාත්මක වන  ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි ය. ජංගම දුර: +90 534 456 94 98 ; ස්ථාවර දුර: +90 312 427 10 32; විද්‍යුත් ලිපිනය: slemb.ankara@mfa.gov.lk.

විදේශ අමාත්‍යංශය

කොළඹ

2022 පෙබරවාරි 24 වැනි දින

Related posts

හිටපු ජනාධිපතිලා විදේශ සංචාර යන්න වැය කළ මුදල්

Editor O

වෑතර ප්‍රදේශයෙන් මාළු මිලදී ගත් පිරිස් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳවැටීම් 12,000 අධික සංඛ්‍යාවක්

Mohamed Dilsad

Leave a Comment