විදෙස්

යුක්‍රේන ආක්‍රමණය: 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට

(UTV |  යුක්‍රේනය) – රුසියාව විසින් යුක්‍රේනයට යුද්ධ ප්‍රහාර එල්ල කරනු ලැබීම හේතුවෙන් මේ වන විට යුක්‍රේන සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 137 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊයේ (පෙබ. 24) දිනයේදී කියෙව් අගනගරය තුළ පිපිරීම් රාශියක් වාර්තා වී ඇති බව ය.

රාත්‍රියේදී නගරය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආරක්ෂාව සඳහා නගරවාසීන් ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් මධ්‍යයේ භූගත ස්ථානවල රාත්‍රිය ගත කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

මේ අතර, ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය සිදුවූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණයේ පාලනය ඊයේ දිනය තුළ රුසියාව විසින් අත්පත් කරගනු ලැබීය.

රුසියානුවන්ට අවශ්‍යව ඇත්තේ යුක්‍රේනය දියකර හැරීමෙන් දේශපාලනික වශයෙන් විනාශ කිරීමට බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.

මේ අතර, බ්‍රසල්ස් සිට කැන්බරා දක්වා රුසියාවට නව සම්බාධක පනවා ඇති අතර රුසියාව ආරක්ෂා කිරීමට වෙනත් මාර්ගයක් නොමැති බව පවසමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන ආක්‍රමණය සාධාරණීයකරනය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කර ඇත.

Related posts

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment