විදෙස්

ඉම්රාන් ඛාන්ගෙන් මෝදිට ලිපියක්

(UTV | පකිස්තානය) – ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබඳතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සඳහන් කරමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ⁣යොමු කර තිබේ.   

පකිස්තාන දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකළ සුබපැතුම් ලිපියකට පිලිතුරු වශයෙන් අගමැති ඉම්රාන් ඛාන් මෙම ලිපිය යොමුකර ඇත.

අදාළ ලිපිය මගින් පකිස්තාන දිනයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ⁣අවිශ්වාසය සහ බෙදීම් ඉවතලීම අවශ්‍ය බවයි.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දෙරට අතර පවතින ගැටලු විසදාගැනීමේ අවශ්‍යතාවය මතු කර ඇති අගමැති ඉම්රාන් ඛාන් විශේෂයෙන් ජම්මු සහ කාශ්මීර ගැටලුව සාමකාමීව විසදා ගත යුතු බවද සඳහන් කර තිබේ.

 

Related posts

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා මරණ 50,000 අභිබවා යයි

Mohamed Dilsad

ජනපති සටනින් ඉවත් නොවන බව බර්නි සෑන්ඩර්ස්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment