දේශීය

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය සිව්වන දිනටත්

(UTV | කොළඹ) – හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේත් දිවයින පුරා රෝහල් කටයුතු අඩාල විය.

ඉන් පීඩාවට පත්වූ‍යේ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගැනිමට ‍රොහල් වෙත පැමිණි ජනතාවයි.

මේ අතර හෙද, පරිපූරක වෛද්‍ය සේවාව හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයෙන් අදත් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ රජයෙන් තම ඉල්ලිම් සම්බන්‍ධයෙන් සුබවාදි ප්‍රතිචාරයක් නොමැතිවිම ‍හේතුවෙන් වැඩ වර්ජනය තවත් දැඩි කරන බවයි.

Related posts

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලබයි

Editor O

පානදුර ප්‍රදේශ කීපයකට අද ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

නාම යෝජනාපත්‍ර කිහිපයක් පිළිබඳ අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment