දේශීය

CEYPETCO ඉන්ධන මිළත් වැඩි වෙන ලකුණු

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දිගින් දිගටම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දරණ පාඩුව අවම කර ගැනීම සදහා මේ මොහොතේදී ඉන්ධන මිළ ගණන් ඉහළ දැමීමක් අනිවාර්යයෙන් සිදුවිය යුතු බවයි එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා රජයට දන්වා ඇත්තේ.

ඒ අනූව රජයේ බළධාරීන් විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන මිළ ගණන්ද සංශෝධනය කරනු ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සුමිත් විජේසිංහ මහතා කියා සිටියේ IOC සමාගමෙන් ඉන්ධන ලබාගත් පාරිභෝගිකයින් එහි මිළ ගණන් වැඩි වීම හමුවේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත පැමිණීම තුල සංස්ථාව ලබන පාඩුව තව තවත් වැඩි වී ඇති බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

එජාප 79 වෙනි පක්ෂ සංවත්සරය කල් දමයි

Editor O

ජනාධිපති උපදේශකයෙක් ලෙස, ආචාර්ය මහින්ද පරාක්‍රම පත්කරයි

Editor O

Leave a Comment