දේශීය

බුස්ටර් එන්නත නිවසටම

(UTV | කොළඹ) – නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ අතර ගතවූ සති කිහිපය තුළ දිවයින පුරා සිදුවූ කොරෝණා මරණ වලින් 3 න් 2 ක්ම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ හෝ බූස්ටර් එන්නත ලබා නොගත් පුද්ගලයන් බවට තහවුරු වී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1, 243 ක් ඊයේ (04) වාර්තා වූ අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 615,902 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15, 544 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (04) වාර්තා වු කොරෝනා මරණ 29 ත් සමගයි.

Related posts

සමන් ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට

Mohamed Dilsad

කාරක සභා සභාපතිවරුන්ට කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

ඩීන්ස් පාර වැසේ

Mohamed Dilsad

Leave a Comment