දේශීය

ශ්‍රී ලංකාව සූදානම් නම් IMF සූදානම්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ඇති විකල්ප පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව මූල්‍යමය සහයෝගයක් ඉල්ලා සිටියි නම් තමන් සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී මසාහිරෝ නොසැක් ඒ.එෆ්.පී. පුවත් සේවයට මේ බව සඳහන් කර තිබේ.

” මූල්‍යමය සහයෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ඉල්ලීමක් කර නෑ. විකල්ප අවශ්‍යනම් අපේ කණ්ඩායම ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්” යැයි ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විටත් තාක්ෂණික සහයෝගයක් ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති බව ඔහු පැවැසීය.

” අපගේ ධාරිතා සංවර්ධන වැඩසටහන යතේ මුදල් අමාත්‍යාංශයේ පවතින සාර්ව මූල්‍ය ඒකකය ශක්තිමත් කිරීමට සූදානම්. ඒ වගේම අපි එහි කාරයෙ මණ්ඩලය පුහුණු කිරිමටත් අවධානය යොමුකර තිබෙනවා.

ශ්‍රි ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව අධ්‍යනය කරමින් සිටිනවා. “

Related posts

අද සිට දින 10 ක් සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛනය මෙන්න

Editor O

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment