දේශීය

උසස් පෙළ විභාග කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත වීමට ලංකා ගුරු සංගමයේ විරෝධය

(UTV | කොළඹ) – අපොස උසස් පෙළ විභාගය පවත්වන කාලයේදී ප්‍රාථමික පාසල් විවෘත කර තැබීමට රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සිය විරෝධය පල කරනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ පාසල් සියල්ලම පෙබරවාරි 07 වනදා අවසන් කළ යුතු බවයි.

මේ අතර පාසල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින් වැඩිවීම සම්බන්ධයෙන්ද ජෝසෆ් ස්ටාලින් මහතා අදහස් පලකළා.

සියලුම දරුවන් පාසලට කැදවීමට රජය ගත් තීරණය හමුවේ එලෙස පාසල් දරුවන් අතරේ වෛසර ව්‍යාප්තිය ඉහළ ගිය බවයි ඔහු චෝදනා කළේ.

Related posts

රු මිලියන 60ක කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස 22කින් ඡන්ද බලප්‍රදේශ 160ක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා විදිය.

Editor O

රටවල් කිහිපයක මගීන් මෙරටට ඇතුළුවීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment