දේශීය

දුම්රිය බිලිගත් එකම පවුලේ සිව්දෙනා

(UTV |  ගාල්ල) – ගාල්ල – බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ ගාල්ල – බූස්ස – වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේ දී බෙලිඅත්තේ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Related posts

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

Mohamed Dilsad

උගුර ,කන ,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක් [LETTER]

Mohamed Dilsad

Leave a Comment