දේශීය

ඩීසල් ගන්න ඉල්ලපු වරමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – මෙරටට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පත්‍රිකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

මීට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් ද මිල දී ගැනීම සඳහා එම සමාගම සමග බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, දැනට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව සදහා අවශ්‍ය බොරතෙල් ණය පදනම මත සයිප්‍රසයේ සමාගමකින් මිල දී ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ යටතේ බොරතෙල් බැරල් හාරලක්ෂ 50,000ක් මූලික තොගයක් ලෙස සපයා ගැනීමට නියමිතව තිබෙනවා.

Related posts

ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයි

Mohamed Dilsad

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

මඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි

Mohamed Dilsad

Leave a Comment