දේශීය

මෙරට කොවිඩ් එන්නත්කරණයට අදට වසරයි

(UTV | කොළඹ) – මෙරට කොවිඩ් එන්නත්කරණයට අදට වසරක් සම්පූර්ණ වනවා.

ඒ නිමිත්තෙන් එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මීට සමගාමීව සෑම පළාතකම ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් සැමරුම් වැඩසටහන් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

වර්ෂ පූර්ණ එන්නත්කරණ සැමරුම් වැඩසටහනට සමගාමීව බූස්ටර් එන්නත්කරණ සතියක් අද සිට ක්‍රියාත්මකයි.

ජනතාවගේ රැකවරණය බූස්ටර් එන්නත ලෙසින් එම ප්‍රවර්ධන වැඩසටහන දිවයින පුරා රෝහල් ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය ආයතන තුළ ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පසුගිය වසරේ ජනවාරි 29 දින මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, මේ වන විට මෙරටට මිලියන 51 කට අධික එන්නත් තොගයක් ගෙනවිත් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Related posts

බස් ගාස්තු අඩුවෙයි ද ? තීරණය අද

Editor O

දිවුලපිටිය, ගිරිඋල්ල, අලව්ව, කටාන, මීරිගම , පන්නල, දංකෙොටුව ,නාරම්මල ,මීගමුව යටවෙයි ; ආරක්ෂිත ස්ථාන වෙත යන්න

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඇමතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක්.

Editor O

Leave a Comment