දේශීය

රට වැහීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ

(UTV | කොළඹ) – රට නොවසා, කොරෝනා වෛරසය පැතිරීමට ඉඩ නොදී කටයුතු කිරීම සඳහා ජනතාව පුරුදු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

වසර ගණනක් රට වසා තබා සිදු වූ හානිය අතිමහත් ය. රට වසා තබන විට ආසාදිතයින් සංඛ්‍යාව පහළ යන බව ත් රට විවෘත කළ පසු එම සංඛ්‍යාව යළි ඉහළ යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

ඔහු සඳහන් කළේ, රට විවෘතව තබා රෝගය පැතිරීමෙන් වැළකී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ පැහැදිලි උපදෙස් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබා දෙනු ලැබ ඇති බව ය.

“අපි අවුරුදු ගාණක් රට වහලා ඇති කර ගත්ත හානිය අතිමහත්. රට වැහීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. රට වහනකොට ලෙඩේ අඩු වෙනවා. රට අරිනකොට ආයේ ලෙඩේ වැඩි වෙනවා. ඉතින් මේක කරගෙන යන්න බෑනේ. ඒක හින්දා අපි දැන් පුරුදු වෙන්න ඕනේ මේ රට ඇරලා කොහොම හරි රටේ සමාජයීය සහ ආර්ථික කටයුතු ඉදිරියට ගෙන යන්න ඕනේ ලෙඩේ බෝ වෙන්නේ නැතුව.

ඒකට පැහැදිලි උපදෙස් සඳහන් කරලා තියෙන වෙලාවක අපි කළ යුතු දේ තමා උපරියමන් සෞඛ්‍ය පුරුදු අනුගනය කරමින් රෝගය පැතිරෙන්නේ නැතුව අවශ්‍ය කරන දේවල් ටික කරගෙන යාමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපි හිතනවා නම්, රට වහලා ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියලා..දැනට රට වහීමෙන් ලැබුණු වාසිවලට වඩා අන්තිමට බලාගෙන යනකොට අවාසි ගොඩක් වෙලා තියෙනවා කියලා පේනවා නේ. ඒ දැන දැන ත් අපි රට වාහන තැනට නොවෙයි යන්න ඕනේ. ඉතා සරල ක්‍රමවේදයකින් පුළුවන් ලෙඩේ පැතිරෙන එක වළක්වන්න.”

Related posts

නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

Mohamed Dilsad

කොරෝනා ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා මරුට

Mohamed Dilsad

නීති විරෝධී ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී නාවික සෙබලෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment