දේශීය

UPDATE- හැටන් ප්‍රපාතයකට බස් රියක් පෙරළී අයෙකු මරුට – 16 කට තුවාල

(UTV |  නුවරඑළිය) – හැටන් දික්ඔය සලංකන්ද සිට හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පිහිටි ඇළ මාර්ගයකට පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් එක් අයෙකු ජිවිතක්ෂයට පත්වි 16 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට (28) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

අද (28) දින උදැසන 6.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ සලංකන්ද හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයට පෙරලි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකකරයි.

Related posts

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්යයි.

Editor O

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

Mohamed Dilsad

කොවිඩ් මරණ 617 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment