ක්‍රීඩා

එංගලන්තය පරදා පළමු 20යි 20 තරගයේ ජය කොදෙව්වන්ට

(UTV | බාර්බඩෝස්) – එංගලන්තය සමග පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9 කින් ජය ගත්තේ ය.

බාර්බඩෝස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 103 කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය.

බ්‍රැන්ඩන් කිංග් නොදැවී ලකුණු 51 ක් රැස් කළේ සිය දෙවැනි 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමිනි.

දෙරට අතර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත වේ

Related posts

මලල ක්‍රීඩිකාවක් සියදිවි නසා ගනී

Mohamed Dilsad

ජේම්ස් ඇන්ඩර්සන් නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තීරණාත්මක තරඟය අද

Mohamed Dilsad

Leave a Comment