විදෙස්

ඔමික්‍රෝන් හි උප ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනේ

(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්‍ෂක ඒජන්සිය ප්‍රකාශ කළේ, විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේදයක් ලෙස ප්‍රමුඛ හා බෙහෙවින් සම්ප්‍රේෂණය කළ හැකි ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් එරටින් හඳුනාගෙන ඇති බවයි.

BA.2 ලෙස නම් කර ඇති මෙම ප්‍රභේදයේ ඔමික්‍රෝන් සමග දැකිය හැකි නිශ්චිත විකෘතිතාවක් නොමැති වුවද, එය ඩෙල්ටා ප්‍රභේදයෙන් නිශ්චිතව වෙන්කර හඳුනාගත හැකි බව කියයි. කෙසේ වෙතත් මෙය දැනට සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස නම්කර නොමැති වුවද, විමර්ශනය කරමින් පවතින ප්‍රභේදයක් බව බ්‍රිතාන්‍ය කියයි.

“වෛරසවල පරිණාමය සහ විකෘති වීම ස්වභාවයයි. එබැවින් නව ප්‍රභේද මතුවීම අපි දිගටම දකිනු ඇතැයි අපේක්ෂා කළ යුතුයි” බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්‍ෂක ඒජන්සිය වැඩසටහන් අධ්‍යක්ෂ වෛද්‍ය මීරා චන්ද් පැවසීය. “අපගේ අඛණ්ඩ ප්‍රවේණික නිරීක්ෂණ මගින් ඒවා හඳුනා ගැනීමට සහ ඒවා වැදගත් දැයි තක්සේරු කිරීමට අපට ඉඩ සලසනවා.”

ස්ටේටන්ස් සෙරම් ආයතනයේ පර්යේෂක ඇන්ඩර්ස් ෆොම්ස්ගාඩ් පැවසුවේ උප ප්‍රභේදයේ ශීඝ්‍ර වර්ධනය පිළිබඳව ඔහුට තවමත් හොඳ පැහැදිලි කිරීමක් නොමැති බවයි.

“එය ජනගහනය තුළ ප්‍රතිශක්තිකරණයට වඩා ප්‍රතිරෝධී වීම විය හැකියි. එය තවත් ආසාදනය කිරීමට ඉඩ සලසන්න පුළුවන්. අපි තවමත් දන්නේ නැහැ,” ඔහු පැවසුවේ, මුලින් ඔමික්‍රෝන් හෙවත් BA.1 ආසාදනය වූ පුද්ගලයින්ට ඉක්මනින් BA.2 ආසාදනය වීමෙන් ප්‍රතිශක්තිය හීනවිය හැකි බවයි.

“එය පුරෝකථනයක්” ඔහු පැවසීය. “එසේ නම්, අපි ඒ සඳහා සූදානම් විය යුතුයි. එසේ වුවහොත් සැබවින්ම මේ වසංගතයේ උච්ච අවස්ථා දෙකක් අපට දකින්නට සිදුවේවි.” ඇන්ඩර්ස් වැඩිදුරටත් පැවසීය.

Related posts

කෙන්යාවේ වගාවන්වලට පලගැටි ආක්‍රමණයක් [PHOTOS]

Mohamed Dilsad

තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයි

Mohamed Dilsad

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය

Mohamed Dilsad

Leave a Comment