දේශීය

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

(UTV | කොළඹ) – ගත වු දින 8ක් තුළ කොළඹ වරාය නගරය නැරඹීම සඳහා පුද්ගලයින් 89, 540 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා වේ.

ඉකුත් ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය, ඊට පසු දින සිටම නැරඹීම සඳහා ජනතාවට අවස්ථාව හිමි විය.

ඒ අනුව, සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී කොළඹ වරාය නගරයේ මැරීනා කලාපයට ඇතුළු වී එම පරිශ්‍රයේ සංචාරය කිරීමට ජනතාවට හැකියාව ලැබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම් දොරටුවෙන් කොළඹ වරාය නගරය නැරඹීම සඳහා ඇතුළු විය හැකිය.

Related posts

ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

Editor O

පළාත් පාලන ආයතනවල සභාපති – උපසභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලීමට සමගි ජන බලවේගය සූදානමින්

Editor O

මැයි 01 දා මත්පැන් අළෙවිසැල් වසා තැබීම පිළිබඳ දැනුම්දීමක්

Editor O

Leave a Comment