Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතනවල සභාපති – උපසභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලීමට සමගි ජන බලවේගය සූදානමින්

බහුතරය නොමැති පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා පවත්වන ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදෙන උපදෙස් වලට විරුද්ධව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව දන්වා සියලු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලිපි යැවීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇත.

බහුතරය නොමැති ආයතනවල ප්‍රධානීන් පත්කර ගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ඡන්දයක්ද එසේ නොමැති නම් රහස් ඡන්දයක් දැයි පළමුව සියලු මන්ත්‍රීවරුන් අත ඔසවා ප්‍රකාශ කළ යුතු අතර එහිදී සජබය තීන්දු කර ඇත්තේ විවෘත ඡන්ද වීමසීමක් පැවැත්විය යුතු බවටය.

රජය රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර රහස් ඡන්ද විමසීමක දී වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට රජය අදහස් කර ඇත. මේ නිසා තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විවෘත ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට සජබය නියම කර තිබේ.

ඒ සමගම පක්ෂය නම් කරන සභාපති හෝ පුරපති අපේක්ෂකයාට සහාය ලබා දිය යුතු බවටද සජබය තේරිපත් වූ සියලු මන්ත්‍රීවරුන්ට ලිපි මගින් උපදෙස් දී ඇති අතර එම නියෝග තඩ කරන සියලු මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ පවත්වන බවද දැනුම්දී ඇත.

Related posts

இலங்கைக்கு ஹெரோய்ன் கொண்டு வந்த இந்தியர் கைது

Mohamed Dilsad

தொடரூந்து சங்கங்கள் தொழிற்சங்க போராட்டத்தில்…

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන්ට මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment