දේශීය

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරයේ මහජන මංතීරුව අද සිට දිනපතා ජනතාව සඳහා විවෘතව පවතිනවා.

ඒ අනුව එය, පෙරවරු 9 සිට පස්වරු හය දක්වා ජනතාව සඳහා විවෘතව පවතින අතර ඒ සඳහා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇති පිවිසුම භාවිත කළ හැකියි.

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව ඊයේ විවෘත කෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, විදේශ අමාත්‍ය වෑන්ග් – යී සහභාගි වූ උත්සවයකදි යි.

Related posts

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන පක්ෂ සඳහා රාජ්‍ය මාධ්‍යවල ගුවන් කාලය වෙන් වුණ විදිය

Editor O

Leave a Comment