දේශීය

බේකරි හිමියෝ අනතුරු අඟවති

(UTV | කොළඹ) – ඉදිරියේදී අනිවාර්යයෙන්ම පාන් හිඟයක් ඇති වනු ඇතැයි බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අනතුරු අඟවයි.

අද (07) දින මාධය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පවතින ඩොලර් හිඟය හේතුවෙන් තිරිඟු පිටි සමාගම්වලින් බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි ලබා ගැනීමේදී ගැටලු මතුව ඇති බව ය.

මේ හේතුවෙන් බේකරි හිමියන් මහත් අපහසුතාවන්ට පත්ව ඇති බව ඔහු පැවසී ය.

එබැවින් ඉදිරියේදී පෝලිම්වල හිඳ හෝ මිලදී ගැනීමට වෙළඳපොළේ පාන් නොපවතිනු ඇතැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

“ඉදිරියේදී අනිවාර්යයෙන් ම විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුලුවන්. අපි ඊයේ දිනයේදී පිටි සමාගම් එක්ක සාකච්ඡාවක් පැවැත් වූවා. ඒ ගොල්ලෝ කියන්නේ අපිට ඕනෑ තරම් පිටි දෙන්න පුලුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල. ඒ ගොල්ලන්ට අවශ්‍ය ඩොලර්වලින් 10% ලු ලැබෙන්නේ. ඉතින් මොකද කරන්නේ කියලා ඒ මිනිස්සු අහනවා.

රජයට කියනවා ඉතා ඉක්මනින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ම පාන් පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්ත්වයකට සාමාන්‍ය ජනතාවට මුහුණ දෙන්න සිද්ධවෙනවා. බේකරි හිමියන් සියල්ල ම කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. පිටි මිටියක් සොයාගන්න බැරි තත්ත්වයකට පත්ව තිබෙනවා.”

Related posts

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

පිරිසක් හිමිනමකට වෙඩිතබා පළා යයි

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment