ක්‍රීඩා

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

(UTV |  මෙල්බර්න් නුවර) – ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ගේ (Novak Djokovic) ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා සහභාගි වීමට මෙල්බර්න් නුවරට පැමිණීමත් සමඟ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අදාළ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබේ.

ඔස්ට්‍රේලියානු භූමියට ඇතුළු වීම සඳහා සපුරාලිය යුතු කොවිඩ්-19 එන්නත් අවශ්‍යතා සපුරාලීමට Novak Djokovic සමත් නොවීමට මීට හේතු වී තිබේ.

මෙහිදී ඕස්ට්‍රේලියානු දේශසීමා නිලධාරීන් පවසා ඇත්තේ ඔහු සිය දේශයට ඇතුළුවීමට අදාළ නීති රීති සපුරා නොමැති බැවින් පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි.

මෙම ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා පැය කිහිපයක් මෙල්බර්න් ගුවන් තොටුපළේ රඳවා තබා ඇති අතර ඉන්පසුව රජයේ රැඳවුම් හෝටලයකට ගෙන යන ලදී.

මේ සම්බන්ධයෙන් Djokovic ගේ නීතීඥයින් අධිකරණය හමුවේ හදිසි අභියාචනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් කරමින් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මෙසේ කියා සිටී.

“නීති කියන්නේ නීති, නීතියට ඉහළින් කිසිවකුත් නැහැ. විශේෂයෙන් අපේ දේශසීමාවන්ට පැමිණීමේ දී ඒවා දැඩිව අදාළ වෙනවා.“

Related posts

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

ශ්‍රී ලංකා සිහිනය බොඳවෙයි

Mohamed Dilsad

Leave a Comment