දේශීය

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව කල්යයි

(UTV | කොළඹ) – වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

එම තීන්දුව අද (06) දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැනුම් දුන්නේ, එම නඩු තීන්දුව සූදානම් කර ගැනීමට නොහැකි වූ හෙයින් එය ප්‍රකාශ කිරීම ලබන 12 දක්වා කල්තබන බවය.

2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සන්තකයේ තිබූ නීති විරෝධී හා තහනම් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී මෙහෙයුමක් ආරම්භ කළේය.

එම මෙහෙයුම අතරවාරේ බන්ධනාගාරය තුළ තිබූ ආයුධ ගබඩාව බිඳ එහි තිබූ ගිනි අවි රැඳවියන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව ගැටුමක් නිර්මාණය වූ අතර එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේනාංක තුනක් බන්ධනාගාරය තුළට යොමු කෙරුණු බව ද නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

එම ගැටුම මැඩ පැවැත්වීම සිදුවන අතරවාරයේ එම නඩුවේ චුදිතයන් විසින් තෝරා ගත් රැඳවියන් අට දෙනකු බන්ධනාගාරය තුළ පිහිටි කාර්මික අංශය නැමති ප්‍රදේශයට රැගෙන ගොස් මරා දැමීම, ඊට කුමන්ත්‍රණය කිරීම සහ නීති විරෝධී ජන රාශියක් වශයෙන් රැස්ව කටයුතු කිරීම ඇතුළු අපරාධ චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව ගොනුකර තිබේ.

Related posts

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ලීටර 18 ගෑස් සිලින්ඩරයට ගැසට්ටුවක් නිකුත් වෙයි

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

Leave a Comment