දේශීය

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට

(UTV | කොළඹ) – දේශීයව නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනික සියලුම මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අද සිට අනිවාර්ය වනවා.

කෙසේ වෙතත් දැනට වෙළඳපලට නිකුත් කර ඇති මත්පැන් තොග අවසන් කරගැනීමට හෝ ඒවාට ද ස්ටිකරය ඇලවීමට ලබන අප්‍රේල් මාසය වනතෙක් අවසර දෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.

මත්පැන් මත අයකරන බදු මුදල් වංචාවකින් තොරව රජයට අයකරගැනීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවද සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප්‍රකාශ කළා.

Related posts

පියවර දෙකකින් විදුලි බිල ඉහළ දමන්න අවසර

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සම්බන්ධ IMF වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්

Editor O

Leave a Comment