දේශීය

කුමාරිඇල්ලේ අතුරුදන් වූ දැරියකගේ සිරුර සොයා ගැනේ

(UTV | රත්නපුර) – හංවැල්ල, කුමාරිඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ 14 හැවිරිදි දැරියක⁣ගේ මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (30) රාත්‍රියේ සිදුකළ මෙහෙයුම් අතරතුර එම සිරුර හමුවූ බවය. අතුරුදන් වූ සෙසු පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

දැරියගේ මෘත ශරීරය මේ වනවිට අවිස්සාවේල්ල රෝහලට රැගෙන ගොස් තිබේ.

14 හැවිරිදි දැරියන් දෙදෙනෙකු සහ 29 හැවිරිදි තරුණියක් දියේ ගිලී එලෙස අතුරුදන් වූයේ ඊයේ (30) පස්වරුවේදීය.

ඔවුන් වත්තල, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

Related posts

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඇමති ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment