දේශීය

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අතර අද 3 ට සාකච්ඡාවක්

(UTV | කොළඹ) – දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් අද පස්වරු 03 පැවැත්වෙනවා.

ගැටලූ කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී සාධාරණ විසදුම් ලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

Related posts

රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන් වැඩ වර්ජනයක

Editor O

වරාය අධිකාරියේ කටයුතු සාමාන්‍ය අතට

Mohamed Dilsad

බේරුවල ගම්මාන 2 ක් හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment