දේශීය

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

(UTV | කොළඹ) – පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත නව පත්වීම් ලැබූ පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හෙළි කර නොමැත. පසුගිය 03 දා ප්‍රියන්ත දියවඩන අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ලැබූ මාසික වැටුප ඒ ආකාරයෙන්ම ලබා දීමටත් ඔහුගේ දරුවන්ගේ සියලු වියදම් දැරීමටත් අදාළ කර්මාන්ත ශාලාව මේ වන විටත් පෙරොන්දු වී තිබේ

Related posts

හිටපු ජනපතිගේ වියදම් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට

Mohamed Dilsad

Leave a Comment