දේශීය

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

(UTV | කොළඹ) – පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ආරක්ෂක හේතුන් මත නව පත්වීම් ලැබූ පුද්ගලයා කවුරුන්ද යන්න තවමත් හෙළි කර නොමැත. පසුගිය 03 දා ප්‍රියන්ත දියවඩන අමානුෂික ලෙස ඝාතනය කෙරිණි.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ලැබූ මාසික වැටුප ඒ ආකාරයෙන්ම ලබා දීමටත් ඔහුගේ දරුවන්ගේ සියලු වියදම් දැරීමටත් අදාළ කර්මාන්ත ශාලාව මේ වන විටත් පෙරොන්දු වී තිබේ

Related posts

ජල කප්පාදු තොරතුරු සඳහා SMS සේවාවක්

Mohamed Dilsad

නව ඇමති මණ්ඩලය ඇමති වැටුප් නැහැ – අගමැති

Mohamed Dilsad

විදුලි බිල ගැන ගත් තීරණය මෙන්න.

Editor O

Leave a Comment