දේශීය

දඹුල්ලේත් එළවලු මිල පහලට

(UTV |  දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 24 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති .

ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා 23 දින රැගෙන යාමත් අස්වනු නෙලීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන් වෙළදපලට ගෙන ඒමත් මිල අඩු වීමට හේතුව වී ඇති බවය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දී ගැනීම් සඳහා පිට පළාත්වලින් පැමිණෙන වෙළෙන්දන් ගේද අඩුවක්ද 24 දින දැක ගැනීමට හැකි වූ බව ව්‍යාපාරිකයෝ සදහන් කරති .

වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීමට තවත් හේතුවවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිවීම විය හැකි යැයි වෙළෙන්දෝ අනුමාන කරති .

නිෂ්පාදන අලවියට ගෙනවිත් සිටි ගොවින් කියා සිටියේ පොහොර කෘමිනාශක ,වල්නාශක ආදී දේ තහනම් කොට විදේශීය බිජ ගොවියාට ලබාදීම නිසා අර්බුදයක් නිර්මාණය වී ඇති බවය , දේශීය බිජ ලබාදී කාබනික වගාවට යන්නේනම් මේ හානිය අවම වන බව ගොවින් පෙන්වාදෙති .

එළවළු නොලැබීම් නිසා ආර්ර්ථික මධ්‍යස්ථානය වෙනදාමෙන් වැඩි කළ කලබලයකින් තොරව ක්‍රියාත්මක වන අතර වෙළද සංගම් නියෝජිතයන් කියා සිටියේ ගොවින් යම් සතුටුදායක තත්වයකට වගා කොට තිබෙන බවය ,ඇතැම් නිලධාරින් පවසන පරිදි රට තුල සාගින්නක් ඇති නොවන බව පෙන්වා දුන්නේය .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය 22 දින උදේ සහ 24 දින එළවළු කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

Related posts

මහ සිකුරාදා දිනය අදයි

Mohamed Dilsad

“ගෝඨාභය එළවන්න ජනාධිපති මන්දිරය වටලනවා”

Mohamed Dilsad

රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් පැතිරීමේ අවධානමක්

Mohamed Dilsad

Leave a Comment