ක්‍රීඩා

2021 LPL ශූරතාව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට

(UTV |  හම්බන්තොට) – 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව ජැෆ්නා කිංග්ස් හිමි කර ගත්තේ ය.

ඒ, ලකුණු 23ක ජයක් වාර්තා කරමිනි.

අවසන් තරගය පැවැත් වුණේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 3කට ලකුණු 201ක් රැස් කිරීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී රැස් කළේ, ලකුණු 178ක් පමණි.

ඒ අනුව, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරගය ජය ගනිමින් 2021 LPL ශූරතාව දිනා ගැනීමට සමත් විය.

ගියවර ද ශූරතාව දිනා ගත්තේ ජැෆ්නා කණ්ඩායමයි.

Related posts

ඉන්දියා – නෙදර්ලන්ත තරගය අද

Mohamed Dilsad

ආසියානු කුසලාන, ශ්‍රී ලංකාව සහ බංගලදේශය අතර 20-20 පළමු තරඟය අද

Editor O

නායක ඇන්ජලෝට 03 වනදා තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment