දේශීය

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩ බසී

(UTV | කොළඹ) – පෞද්ගලික ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් පයාගල මුහුදු වෙරළ තීරයට හදිසි ගොඩ බැස්වීමක් සිදු කර ඇතැයි ගුවන් හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මීට පැය එකහාමාරකට පමණ පෙර මෙම හදිසි ගොඩබැස්වීම සිදු කර ඇති බව ය.

එම අවස්ථාවේදී යානයේ උපදේශක ගුවන් නියමුවෙකු සහ පුහුණු නියමුවෙකු සිට ඇති අතර සිද්ධියෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති බව විජේසිංහ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට එම ස්ථානයට ගුවන් හමුදාවේ කණ්ඩායමක් යවා ඇති බව ය.

Related posts

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Mohamed Dilsad

🔴 LIVE : පාර්ලිමේන්තු සජීවී විකාශය | 20.05.2022

Mohamed Dilsad

බැසිල්ට එරෙහි නඩුව විභාග කිරීමට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment