කලා

සුපිරි නිළි අයිශ්වර්යාගෙන් පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙයි.

(UTV | ඉන්දියාව) –බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

පැනමා පත්‍රිකාවල සඳහන් වී ඇත්තේ අයිශ්වර්යා රායි භච්චන් ඇගේ විදෙස් මුදල් බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ් දූපතේ බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවද පැවසේ.

විදේශ විනිමය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇතැයි චෝදනා එල්ල වී ඇති බැවින් අයිශ්වර්යා රායි භච්චන් ගෙන්වා ප්‍රශ්න කිරීමට සිදුවුණු බව ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණි.

එම ප්‍රශ්න කිරීම්වලදී, පසුගිය වසර 15 තුළදී තමාට වෙනත් රටවල් ඔස්සේ ලැබුණු ගෙවීම් පිළිබඳව තොරතුරු අයිශ්වර්යා රායි භච්චන්, ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන්ට අනාවරණය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Related posts

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

Mohamed Dilsad

විනු සිරිවර්ධන යුග දිවියට[PHOTOS]

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment