දේශීය

කුරුණෑගල මහ රෝහලේ හිටපු වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් යළි සේවයට

(UTV | කොළඹ) – කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි ෂිහාබ්දින් මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි ලැබිමත් සමග අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයටද පත් කර සිටියේය..මෙම සිද්ධිය මෙරට තුල මහත් ආන්දෝලනයකට ද තුඩු දුන්නේය.

ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළේය.

Related posts

මිනුවන්ගොඩින් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙක්

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 51,000 ඉක්මවයි

Mohamed Dilsad

ජනපති ගිය නිවාස අධිකාරී කාර්යාලයේ කළමනාකරුවන්ට මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment