දේශීය

ගෆූර් ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

(UTV | කොළඹ) –  කොළඹ, කොටුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, බාරොන් ජයතිලක මාවතේ අලුත්වැඩියා කරමින් පවතින ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් ඔහු ඇඳ වැටී ඇති බවයි.

නාවික හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

පොලීසිය සඳහන් කළේ, බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින්ව විශේෂ පරීක්ෂාවකට

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස් නොතකා හැරීම ගැටලුවක් – වෛද්‍ය අසේල ගුණවර්ධන

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 182 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment