දේශීය

කින්නියා නගරයේ අද ශෝක දිනයක්

(UTV | කොළඹ) – ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ශෝකය පළ කිරීම සඳහා අද කින්නියා නගරයේ වෙළෙදසල් වසා දැමීමට සිවිල් සංවිධාන තීරණය කර තිබෙනවා.

එමෙන්ම කින්නියා නගරයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු නො කරන ලෙස ද ඉල්ලීමක් කර ඇති බවයි කින්නියා ඇප වාර්තාකරු සඳහන් කළේ.

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරේදා පෙරළී යාමෙන් සිදු වූ මෙම අනතුරෙන් ළමයින් 4 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුළු 03 දෙනා ලබන මස 08 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයේ අද සිට නාවික හමුදාව විසින් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට නියමිතයි.

නාවික හමුදාව සඳහන් කළේ මගීන් 20 දෙනෙකු පමණ රැගෙන යා හැකි බෝට්ටුවක් මේ සඳහා යොදවන බවයි.

Related posts

ජනතාවට නැති වරප්‍රසාද එපා කියා බලයට පැමිණි මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඩබල් VIP කරලා

Editor O

බිත්තර ආනයනය ට පනවා ඇති බදු සංශෝධනයට පියවර

Mohamed Dilsad

මෙරට ඛනිජ තෙල් ගවේෂණයට ඉන්දියාව කැමැත්තන්

Mohamed Dilsad

Leave a Comment