දේශීය

අද සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

(UTV | කොළඹ) –  දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයිනපුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ අනාවැකියේ සඳහන් ය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය.

Related posts

යුගදනවි ගිවිසුම ගැන ලබන සතියේ කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

අගමැති අද ඉල්ලා අස්වෙනවා – ජගත් කුමාර

Mohamed Dilsad

දිස්ත්‍රික් 05 ක ග්‍රාම සේවා වසම් 08 ක් වහාම හුදෙකලා කෙරේ

Mohamed Dilsad

Leave a Comment