දේශීය

තමා නිවැරදි බව හිටපු පොලිස්පති පූජිත් අධිකරණයේදී කියයි

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා 855 කට තමා නිවැරදිකරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිරවයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා විත්තිකරුට කියවා දෙනු ලැබුවා.

එම චෝදනා වලට තමා නිවැරදිකරු බවයි එහිදී පුජිත් ජයසුන්දර අධිකරණය හමුවේ සඳහන් කළේ.

ඉන් අනතුරුව නඩුවේ ආරම්භක දේශනය සිදු කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ 2019 වසරේ පාස්කු ප්‍රහාරයේදී මියගිය සහ තුවාලලැබූවන් පදනම් කර ගෙන නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇති බවයි.

අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය හෙට දක්වා කල් දැමුණා.

Related posts

ආයුධ රැසක් සමග සැකකරුවන් පිරිසක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

ඖෂධ මිළදී ගැනීමටඩොලර් මිලියන 100 ක අමතර ප්‍රතිපාදන

Mohamed Dilsad

පාසල් ඇරඹීම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment