දේශීය

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

(UTV | කොළඹ) – සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව අද දහවල් කොළඹදී විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් විරෝධතාව සංවිධාන කර ඇති අතර අද දහවල් 12 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වෙනු ඇති.

මෙම විරෝධතාව මර්ධනය සදහා කවුරුන් හෝ උත්සාහ කරන්න්නේ නම් ඒ මොහොතේ සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන් 50,000 ක් පමණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේ.

වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතාවය වහා නිවැරදි කිරීම/ හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සදහා පිළගත් වැටුප් ක්‍රමවේදයක් සකස් කිරීම සහ අමතර දීමනා සදහා සමාන ප්‍රතිපත්තියක් සැකසීම ඇතුලු ඔවුන්ගේ ඉල්ලීම් අතරට අයත්.

මෙම ඉල්ලීම් සදහා සාධාරණ විසදුම් නොලැබෙන්නේ නම් ලබන 24 වනදා සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සදහන් කළේ.

 

Related posts

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment