දේශීය

පාකිස්තානයෙන් ජාතික ආරක්ෂක විද්‍යාලයට අංගසම්පූර්ණ පුස්තකාලයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා (11) ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) විවෘත කරන ලදී.

පාකිස්ථාන – ශ්‍රී ලංකා මිත්‍රත්වය පදනම් කර ගනිමින් පාකිස්ථාන රජය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.

මීට අමතරව, මෙම විද්‍යාලයේ සමාරම්භක විෂයමාලාව සැකසීමේදී පාකිස්තානය ද සිය පූර්ණ සහයෝගය ලබාදී තිබීම විශේෂත්වයකි.

වැඩබලන පකිස්ථාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා, ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් සබ්දාර් ඛාන්, රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලන සහ හමුදා නායකයින්, තානාපතිවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂක උපදේශකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

Mohamed Dilsad

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

Editor O

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම මුෂාරෆ් දැඩිව හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment